තායිලන්තයේ වට් පාරා ධම්මකාය විහාරස්ථානයේදී ලක්ෂයක් භික්ෂූන් වහන්සේලා විෂයයයෙහි දානමය පුණ්‍ය කර්මයක් පවත්වා තිබේ.
ලෝකයේ මේ වනවිට පැවැත්වෙන විශාලතම සංඝගත දක්ෂිණාව ලෙස සැලකෙන මෙම පුණ්‍යකර්මය සඳහා සුදුවතින් සැරසුණු තායිලන්ත වැසියන් ඉමහත් භක්ති ආදරයෙන් සම්බන්ධ වන බවද පැවසෙයි.
රනින් කරවූ දැවැන්ත චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් වැඩ සිටින ධම්මකාය විහාරස්ථානය බැංකොක් නුවරින් කිලෝමීටර් 50ක් පමණ උතුරින් පිහිටා ඇත.
ස්වාමීන් වහන්සේලා ලක්ෂයක් වෙනුවෙන් පැවැත්වෙන දානමය පුණ්‍යකර්මයකට සහභාගී වීම මහත් වූ භාග්‍යයක් බව මේ අස්ථාවට සම්බන්ධ වූ තායි වැසියෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. මීට දශකයකට පමණ පෙරත් මෙවැනි පුණ්‍යකර්මයකට සම්බන්ධ වූ බවත්, මෙය අනිවාර්යයෙන් සහභාගී විය යුතු උතුම් ක්‍රියාවක් බවත් ඇය පවසා තිබේ.