රෝහින්ග්යා මුස්ලිම් පවුලක් දරුවන් දෙදෙනෙකුට වඩා බිහි කළහොත් ඔවුන්ට දඬුවම් කිරීමේ ප්රතිපත්තියක් බටහිර බුරුමයේ රකීන් ප්රාන්ත බලධාරීහු අනුගමනය කරමින් සිටිති. ඔවුන් විශාල වශයෙන් දරුවන් බිහිකිරීම වැළැක්වීමට මෙම පියවර ගෙන ඇති ෆෝටිෆයි රයිට්ස් (Fortify Rights) සංවිධානය පවසයි.
බුරුම බලධාරීන් රෝහින්ග්යා මුස්ලිම් ජනතාවට හිතාමතාම නොසලකා හැරීමේ නිල ප්රතිපත්තියක් අනුගමනය කරන බවට තමන්ට ලිපි ලේඛන සහිත සාක්ෂි ලැබී ඇතැයිද ඔවුන් චෝදනා කරයි.
මුස්ලිම් ජනතාව විශාල වශයෙන් දරුවන් බිහි කිරීම හේතුවෙන් අනාගතයේදී තමන් සුළුතරයක් බවට පත් වනු ඇතැයි බහුතර බෞද්ධ ජනතාව විශ්වාස කරන්නේ යැයි බුරුමයේ සිටින බී.බී.සී. වාර්තාකරු පවසයි.
රෝහින්ග්යා මුස්ලිම් වැසියන් ලක්ෂ 8කට ආසන්න පිරිසක් බටහිර බුරුමයේ වාසය කරති.