ලෝකේ එක එක ආයතන එක එක විදියට තමන්ගේ අලෙවි ප්රවර්ධන වැඩ එහෙමත් නැත්නම් 'ප්රමෝෂන්ස්' කරනවනේ. මේක ඉතාලියේ රෝම අගනුවර රෙදි කඩේකදී සිද්ධ වෙච්ච එහෙම වැඩක්. ඩෙසිගුල් කියන මේ නිමි ඇඳුම් අලෙවි කරන රෙදි කඩේ මේ අලුත් අවුරුද්දෙදි අමුතු නිවේදනයක් නිකුත් කළා. ඒ තමයි යට ඇඳුම් විතරක් ඇඳගෙන ඩෙසිගුල් වෙත මුලින්ම ඇවිල්ලා ඇඳුම් අඳින 100 දෙනෙකුට නොමිලේ හෝ වට්ටම් මිලකට රෙදි දෙනවා කියන එක. ඉතිං රෙදි කඩේ විවෘත කරද්දීම යට ඇඳුම් විතරක් ඇඳ ගත්ත ගැහැණු පිරිමි පිරිසක් පොර කාගෙන රෙදි තෝරන්න කඩේ ඇතුළට රිංගුවා. ඒ අය උදේ පාන්දර ඉඳන්ම කඩේ ඉස්සරහා පෝළිං ගැහිලා හිටියා කියලයි කියන්නේ.
මේ ගැන වැඩි විස්තර හෙට (06) අද පත්තරේ තියෙනවා.