මෑතකදී බෝම්බ ප්රහාරයකට ලක්ව පුද්ගලයන් 224 දෙනෙකු සමග විනාශ වූ රුසියානු මගී ගුවන් යානයට බෝම්බ තැබීම ඊජිප්තු ගුවන් සේවයේ කාර්මිකයෙකු විසින් සිදුකරන්නට ඇති බව සැක කෙරෙයි.
මෙම ගුවන් කාර්මික නිලධාරියාගේ සහෝදරයෙකු සිරියාවේ ඉස්ලාම් රාජ්ය අන්තවාදීන් සමග එකතුව සිටින බවත්, ඔහු විසින් ලබාදෙන ලද බෝම්බයක් ඔහු ගුවන් යානයෙන් තැන්පත් කරන්නට ඇති බවත් විශ්වාස කෙරෙයි.
ඊජිප්තු ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය මෙම බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් ප්රශ්න කිරීමකට ලක්කර ඇති බව ගුවන් සේවා බලධාරීන් සඳහන් නොකළද, මේ වනවිට එම කාර්මික නිලධාරියා මෙන්ම ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුද ප්රශ්න කිරීම්වලට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
සිනායි අර්ධද්වීපයට ඉහළ අහසේදී මෙම ගුවන් යානය පිපිරී විනාශ වී ගිය අතර, එහි ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්විය.