රුසියානු ප්රහාරක හෙලිකොප්ටර් යානයක් සිරියාවේදී IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත ප්රහාරයකට නතුවීමෙන් පසු, එහි නියමුවන් දෙදෙනාද ඔවුන් අතින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එම්.අයි.25 වර්ගයේ හෙලිකොප්ටර් යානය සිරියාවේ ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් ඉලක්ක කර ප්රහාරයක් දියත් කිරීමෙන් පසු යළි පැමිණෙමින් සිටියදී මෙම ප්රහාරයට නතුව තිබේ.
එම ප්රහාරය ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ට එරෙහිව සිරියානු රජය ගෙනයන ප්රහාරයන්ට සහාය දැක්වීමේ අරමුණින් එල්ල කරනලද ප්රහාරයකි.
කෙසේ වෙතත්, මෙම ප්රහාරයෙන් පසුව ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් එහි වගකීම භාරගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි.
ඔවුන් තමන්ගේ සියලුම ප්රහාරක ශක්තිය භාවිත කර ප්රහාරයක් දියත්කර යළි පැමිණෙමින් සිටියදී මෙම ප්රහාරයට නතුව ඇති බව රුසියාව කියයි. එහිදී, ඔවුන්ගේ යානය බිම දැමීමෙන් පසුව නියමුවන් දෙදෙනාවද මරා දැමීමට ත්රස්තයන් ක්රියාකර තිබේ.
2015 සැප්තැම්බර් මාසයේදී සිරියාවේ ක්රියාත්මක ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ට එරෙහි සටන ඇරඹීමෙන් පසුව රුසියානු හමුදා සෙබලු 12 දෙනෙක් මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියයි.