යුක්රේනයේ ඇතිවී තිබෙන උණුසුම්කාරී වාතාවරණය සමනය කිරීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් පැරීසියේදී තීරණාත්මක සාකච්ඡාවක නිරත වීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව, ක්‍රිමියා අර්ධද්වීපයේ තත්ත්වය නිරීක්ෂණය වෙනුවෙන් ස්වාධීන නිරීක්ෂකයන් යොමු කිරීමත්, කියෙව් හා මොස්කව් පාලනයන් අතර සෘජු සාකච්ඡා ඇති කිරීමත් ඇමෙරිකාවේ බලාපොරොත්තුව වී තිබේ.
මීට අමතරව, යුක්රේනය හා රුසියාව අතර සාකච්ඡාවක් පැවැත්වෙන්නේ නම් එහි මැදිහත්කරු ලෙස ඉදිරිපත් වීමටද ඇමෙරිකාව කැමැත්ත පළ කර ඇත.
මේ අතර, යුරෝපා සංගමය විසින් යූරෝ බිලියන 15ක ආධාර මුදලක් යුක්රේනය වෙත පිරිනමා ඇති බව පැවසෙයි.
යුරෝපා කොමිසමේ සභාපති ජෝස් මැනුවෙල් බරෝසේ පවසා ඇත්තේ, මීළඟ වසර කිහිපය වෙනුවෙන් ණය සහ ප්‍රදාන ලෙස ලබාදෙන මෙම ආධාර මුදල යුක්රේනයේ නව ප්රතිසංස්කරණවාදී රජයක් පිහිටුවීම සඳහා නිර්මාණය කර ඇති බවයි.
මේ අතර, යුක්රේන මුදල් අමාත්‍යවරයා පෙන්වාදී තිබුනේ එරට ආර්ථිකය යළි ගොඩනැගීම වෙනුවෙන් ඇ.ඩො.බිලියන 35ක් අවශ්‍ය බවය.
්