බ්රසීලයේ, රියෝ ද ජැනීරෝ නුවර පාතාල කණ්ඩායම්වල ප්රචණ්ඩක්රියා වර්ධනය වීමත් සමග නගරයේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීමට හමුදා ජෙනරාල්වරයෙකු පත් කිරීමට එරට රජය ක්රියාකර තිබේ.
මෙම ප්රචණ්ඩක්රියා පිළිකාවකට සමාන කරන බ්රසීල ජනපති මයිකල් ටර්මර් පවසන්නේ මින් ඉදිරියට එරට පොලීසිය සමග එක්ව හමුදාවද නගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බවයි.
රියෝ නගරයේ වාර්ෂික සම්බා සැණකෙළි අවස්ථාවේදී පවා ප්රචණ්ඩක්රියා සිදුවීම් වාර්තා වීමත් සමග නගරයේ ආරක්ෂාව තර කරන ලෙස නගරාධිපතිවරයා සිදුකළ ඉල්ලීමක් සලකා බලමින් මෙම පියවර ගෙන තිබේ.
බ්රසීලයේ නැගෙනහිර ආඥාපති ජෙනරාල් වෝල්ටර් සොවුසා නෙට්ටෝ ඒ අනුව මෙම පාතල කණ්ඩායම් මැඩපැවැත්වීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට සැරසෙයි.
ඔහු 2016 වසරේ රියෝ ඔලිම්පික් ක්රීඩා උලෙළ පැවැත්වූ අවස්ථාවේදී එහි ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් ප්රශංසාවට ලක්වූ හමුදා ජෙනරාල්වරයෙකි.