රියද් වෙත එල්ල වූ යේමන මිසයිල ප්‍රහාරය ව්‍යර්ථ කරයි
සෞදි අරාබියේ රියාද් අගනුවර දෙසට යේමනයේ හොයුතු කැරළිකරුවන් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් සාර්ථකව ව්‍යර්ථ කළ බව සෞදි ආරක්ෂක අංශ පවසයි.
මෙම මිසයිලය උඩු ගුවනේදී පුපුරායෑමත් සමග අගනුවර අහසේ විශාල පිපිරුම් හඬක් ඇතිවී තිබුණත්, ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොතිබුණි.
සෞදි අරාබියේ අල් යමාමා මාලිගයේ පැවති එරට රාජ්‍ය නායක හමුවක් මෙම මිසයිල ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බව හොයුතු කැරලිකරුවන්ට අයත් අල් මසිරාහාහ් රූපවාහිනීය පවසා තිබුණි.
කෙසේ වෙතත්, පසුගිය මාසයේ රියාද් ගුවන් තොටුපල වෙත මෙවැනිම මිසයිල ප්‍රහාරයක් එල්ල වූ අතර එයද සාර්ථකව ව්‍යර්ථ කිරීමට සෞදි බලධාරින්ට හැකිව තිබුණි.
යේමනයේ පවතින සිවිල් යුද්ධයේදී එරට ආණ්ඩුවට සහාය දක්වන සෞදි අරාබිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් හොයුතු කැරලිකරුවන් එරෙහිව සටන් වැදීම සෞදිය වෙත මෙවැනි ප්‍රහාර එල්ල වීමට හේතු වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


