ඔබාමා පාලනය යටතේ පනවා තිබූ දේශගුණ විපර්යාස පාලන නීතියක් අවලංගු කරමින් විධායක නියෝගයක් අත්සන් කිරීමට වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
මෙම පෑන් පහර පොසිල ඉන්ධනවලට එරෙහි යුද්ධය අවසන් කරන්නක් බව පවසන ට්‍රම්ප්, තමා කිසිසේත්ම රැකියා නසන නීති රෙගුලාසිවලට එකඟ නොවන බව අවධාරණය කරයි.
බලශක්ති නිදහස පිළිබඳ වූ මෙම විධායක නියෝගයත් සමග, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පූර්වගාමියා විසින් නීතිගත කර තිබූ ක්‍රියාමාර්ගවලින් අඩක් පමණ අවලංගු කර ඇති අතර, පොසිල ඉන්ධන ව්‍යාපාරය සංවර්ධනය කිරීමේ අඩිතාලමද යොදා තිබේ.
ජනපති ට්‍රම්ප්ගේ මෙම විධායක නියෝගයෙන් ව්‍යාපාරික ප්‍රජාව මහත් සතුටකට පත්ව තිබුණත්, පරිසරවේදීන් මෙය හෙළා දකිමින් සිය කණස්සල්ල දක්වා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.