රාජකීයයන් මවිත කළ හැරී - මේගන් විවාහයේ දේශනය
හැරී - මේගන් විවාහය සිදුවන අවස්ථාවේදී බ්‍රිතාන්‍ය රාජකීය විවාහ සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය කාගේත් සිත්ගත් දේශනයක් පැවැත්වීමට ඇමෙරිකානු බිෂොප්වරයෙකු වන මයිකල් කරී විසින් කටයුතු කරන ලදී.
පැරණි තෙස්තමේන්තුවෙන් මෙන්ම, මාටින් ලූතර් කිං ජූනියර්ගේ අදහස්ද ගොනු කරමින් සෙන්ට් ජෝර්ජ්ස් දේවස්ථානය තුළ රැඳී සිටි බොහෝ දෙනෙකු පුදුමයට පත්කළ අදහස් මෙහිදී ඔහු ඉස්මතු කරන්නට විය.
මෙම දේශනය අතරතුර දේවස්ථානය තුළ බොහෝ දෙනෙකු කට වසාගෙන සිනාසෙන ආකාරය දැකිය හැකි වූ අතර, වරක් මනාල යුවළට ඔවුන්ගේ සිනහව සඟවා ගැනීමට නොහැකිව ඔවුන් හඬ නඟා සිනාසෙන ආකාරය දැකිය හැකිවිය.
මේ අතර, විලියම් කුමරු හා චාර්ල්ස් කුමරු ඉතා අපහසුවෙන් තම සිනහව සඟවා ගැනීමට උත්සාහ කරන ආකාරයද කැමරා කාචයන්ට හසුවිය.
රැජින සුපුරුදු ගාම්භීර ස්වරූපයෙන් සිටියත්, ෆිලිප් කුමරු තරමක් පුදුමයට පත්ව සිටින දසුනක් විය.
මේ අතර, සභාගැබේ සිටි ඩේවිඩ් බෙකම් ඇතුව සුවිශේෂී ආරාධිතයන්ද එම දේශනයට කන් යොමා සිට අතර, රාජකීයයන්ටද මෙය අලුත් අත්දැකීමක් වූ බවක් ඔවුන්ගේ මුහුණුවලින් පෙන්නුම් කළේය.
මෙම බිෂොප් වරයා වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩිව විවේචනය කරන්නෙකු ලෙසද ප්‍රසිද්ධියට පත්වූවෙකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.












