රයිෆලයක් ස්වයංක්‍රීය අවියක් බවට පත්කරන මෙවලම් තහනම් කිරීමට ට්‍රම්ප් සැරසෙයි
සාමාන්‍ය තුවක්කුවක් ක්ෂණිකව ස්වයංක්‍රීය තුවක්කුවක් බවට පත්කරමින් තත්ත්පර කිහිපයක් තුළ විශාල විනාශයක් කළ හැකි බම්ප් ස්ටොක්ස් මෙවලම් තහනම් කිරීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබේ.
පසුගියදා ලාස් වේගාස් නුවරදී එළිමහන් සංගීත ප්‍රසංගයකට සහභාගී වී සිටි සාමාන්‍ය වැසියන් 58 දෙනෙකුට දිවි අහිමි කරමින් සිදුවූ විවෘත වෙඩි තැබීම සඳහා යොදාගෙන තිබුණේද මෙවැනි බම්ප් ස්ටොක්ස් මෙවලම්ය.
ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ මෙම ආම්පන්න නීතිවිරෝධී ආම්පන්න ලෙස තහනම් කිරීම සඳහා අවශ්‍ය නව නීති සැකසීම සඳහා අවශ්‍ය විධානය නීති දෙපාර්තමේන්තුවට තමන් යොමුකළ බවයි.
පසුගියදා ෆ්ලොරිඩා පාසලකදී එම විද්‍යාලයේ හිටපු සිසුවෙකු විසින්ම සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පාසල් සිසුන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමග එරට තුළ ගිනි අවි පාලනය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතු විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



