රනින් කළ වැසිකිළි පාවිච්චි කිරීම රජවරුන්ට හා ධන කුවේරයන්ට පමණක් සීමා කාලය නිමා කරමින් නිව්යෝක් නගරයේ කෞතුකාගාරයකටත් රන් වැසිකිලියක් ලබාදී තිබේ.
ගුගන්හයිම් කෞතුකාගාරයට පැමිණි මෙම රන් වැසිකිලිය ඉතාලි ජාතික චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු විසින් නිර්මාණය කර ඇති අතර, එය කැරට් 18 පිරිසුදු රත්රන්වලින් නිර්මණය කර ඇති බව කියයි.
කෙසේ වෙතත්, සාමාන්‍ය වැසිකිලියක් ලෙස භාවිත කළ හැකි මෙහි පෝචිචිය ඔහු නම් කර ඇත්තේ ඇමෙරිකා යනුවෙනි.
මෙය එම කෞතුකාගාරයේ සෙසු ප්‍රදර්ශන භාණ්ඩ අතර තවත් ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත්වන අතර, මෙය නිගරු භාණ්ඩයක් ලෙස කෞතුකාගාර බලධාරීහු හඳුන්වති.
කෙසේ වෙතත්, කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන අයට අවශ්‍ය නම් මෙම වැසිකිලිය පාවිච්චි කිරීමේ අවසරයද හිමිවීම විශේෂත්වයකි.