රතු මුහුදේ දූපත් 50ක් ඇතුළු ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම සුඛෝපභෝගී සංචාරක පාරාදීසයක් බවට පරිවර්තනය කිරීම සඳහා සෞදි අරාබිය දැවැන්ත සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැරසෙයි.
ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් පහළ යෑමත් සමග අර්බුදයට ලක්ව ඇති සෞදි ආර්ථිකය විවිධාංගීකරණය තුළින් යළි නගාසිටුවීමේ පියවරක් ලෙස ඔවුන් මේ ආකාරයෙන් විදෙස් හා දේශීය සංචාරකයන් ඉලක්ක කර මෙම දැවැන්ත ව්‍යාපෘතියට මුලපුරා තිබේ.
එමෙන්ම, මෙම සංචාරක කලාපය තුළ විදෙස් සංචාරකයන් සඳහා වූ වීසා නීතිරීතී ලිහිල් කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත්, සෞදි අරාබිය තුළ පවතින ඇඳුම් පිළිබඳ නීතිය කවර ආකාරයෙන් මෙම සංචාරක කලාපයට බලපානු ඇතිද යන්න මෙතෙක් පැහැදිලිව දක්වා නොමැති බවද විදෙස් වාර්තා පවසයි.
මේ වනවිට මත්ද්‍රව්‍ය, චිත්‍රපට හා නෘත්‍ය ශාලා සෞදිය තුළ තහනම් වන අතර, කාන්තාවන් සම්පූර්ණයෙන් ශරීරය ආවරණය වන ආකාරයේ ඇඳුම්වලින් සැරසී සිටිය යුතු වෙයි.
කෙසේ වෙතත්, මෙම සංචාරක පුරවරයේ ඉදිකිරීමේ 2019 දී ආරම්භ කිරීමට සෞදිය බලාපොරොත්තු වන අතර, 2022 දී එහි ඉදිකිරීම් අවසන් කිරීමටද සැලසුම් කර තිබේ.