රජීව් ඝාතන සිද්ධියේ LTTE සාමාජිකයා මරණය ඉල්ලයි
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වසර 26ක කාලයක් බන්ධනාගාරගතව සිටින රොබට් පියාස් නමැති එල්.ටී.ටී.ඊ. සාමාජිකයා තමන්ට මරණයට පත්වීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.
ශ්‍රී ලාංකේය දමිළ ජාතිකයෙකු වන මොහු, රජීව් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 07 දෙනාගෙන් කෙනෙකි.
තමාගේ දුක සැප බැලීමට තවදුරටත් තම ඥාතීන් බන්ධනාගාරයට නොපැමිණෙන බැවින් තවදුරටත් ජීවත්වීමේ බලාපොරොත්තුවක් නොමැති බවත්, ඒ අනුව, අනුකම්පා කර තමාව මරා දැමීම හෝ තමන්ට මරණයට පත්වීමට ඉඩ ලබාදෙන ලෙස චෙන්නායි බන්ධනාගාරයේ සිටින මෙම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ වෙතත්, තමිල්නාඩු ආණ්ඩුව කිහිප අවස්ථාවකදීම මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට නිදහස ලබාදීමට උත්සාහ කළත් ඒ සෑම අවස්ථාවකදීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එකී ක්‍රියාමාර්ග අත්හිටවනු ලැබීය. ඒ අනුව, මෙම සිදුවීමද එවැනි අවස්ථාවකට මඟපාදා ගැනීමක් විය හැකි බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.
වර්ෂ 1991 මැයි 21 වැනිදා රජීව් ගාන්ධි හිටපු අගමැතිවරයා තමිල්නාඩුවේ මැතිවරණ ප්රචාරක රැළියකට සහභාගි වී සිටියදී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් ඝාතනය කරනු ලැබීය. එම ප්‍රහාරයෙන් අගමැතිවරයා, බෝම්බකාරිය ඇතුළු 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
ඉන්දීය සාම සාධක හමුදාව වර්ෂ 1987 දී ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයට ඉන්දියාවේ සෘජු මැදිහත්වීම එල්.ටී.ටී.ඊ සංවිධානයේ මෙම ම්ලෙච්ඡ ප්‍රහාරයට හේතුව විය.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

