ඉතාලි ජනපති ජෝර්ජියෝ නැපොලිටානෝ ෆ්ලොරෙන්ස් නගරාධිපති මැට්ටිඕ රෙන්සි වෙත නව රජයක් පිහිටුවීමට ආරාධනා කර තිබේ.
එන්රිකෝ ලෙට්ටා පසුගිය සිකුරාදා ඉතාලි අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූයේ මධ්‍ය වාමාංශික ඩිමොක්රටික් පක්ෂ රැස්වීමේදී රෙන්සි විසින් කැඳවනු ලැබූ ඡන්ද විමසීමකින් පරාජයට පත්වීමත් සමගය.
නමුත්, රෙන්සි යනු තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවත් නොවීමද විශේෂත්වයකි. මේ තත්ත්වය තුළ රජයක් පිහිටුවීම සඳහා ධුරයෙන් ඉවත්වූ අගමැති ලෙට්ටාගේ හිටපු සන්ධාන පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට රෙන්සිට සිදුවනු ඇත.
ඒ අනුව, ඔහු මේ සාකච්ඡා හෙට දිනයේ ආරම්භ කිරීමට නියමිත බව ඉතාලියෙන් වාර්තා වන අතර, ඔහුගේ බලාපොරොත්තුව ලබන බ්‍රහස්පතින්දා දිනයේදී සිය නායකත්වය යටතේ රජයක් පිහිටුවීමය.
යම් හෙයකින් රෙන්සි සෙසු පාර්ශ්ව සමග එකඟත්වයකට පත්වුවහොත් ඉතාලියෙන් බිහිවන ළාබාලතම අග්‍රාමාත්‍යවරයා බවට රෙන්සි පත්වනු ඇත. 1922 දී ඉතාලි අගමැති ධුරය හෙබවූ බෙනිටෝ මුසොලෝනිද ළාබාල වයසින් එරට අගමැති ධුරය හෙබවූ අයෙකු වුවත්, රෙන්සි ඔහුටත් වඩා මාස දෙකක් වයසින් ළාබාලය.