IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ ප්රධාන මර්මස්ථානය ලෙස සැලකෙන සිරියාවේ රක්ඛා පළාතේ, අගනගරය වෙත සිරියානු හමුදා ළඟාවෙමින් සිටින බව පැවසෙයි.
කෙසේ වෙතත්, මෙම මෙහෙයුම සඳහා රුසියානු ප්රහාරක යානාවල සහාය සිරියාවට ලැබෙන බවත්, මේ හේතුවෙන් ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් බොහෝ සෙයින් පසුබැස ගොස් ඇත් බවත් විදෙස් වාර්තා පවසයි.
මේ අතර, ඇමෙරිකානු හමුදාවේ සහාය ලැබෙන කුර්දිස් හා අරාබි සටන්කාමීන්ද රක්ඛා පළාතේ උතුරුදිග සිට ගොඩබිම් ප්රහාර මාලාවක් දියත් කරමින් ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ බලය බිඳිමින් සිටියි.
මොවුන් 2013 වසරේදී රක්ඛා නගරයේ බලය අත්පත් කරගත් ගත්තේ සිරියානු ජනධිපති බෂර් අල් අසාද්ට එරෙහි සටන්කාමීන් එම නගරයේ බලය අත්පත් කරගෙන සිටින අවධියේදීය.