2016 වසර සඳහා වන වෛද්‍ය සහ කායික විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගය ජපාන ජාතික යොෂිනෝරි ඔසුමි වෙත පිරිනමා තිබේ.
සෛල ජෛව විද්‍යාඥයෙකු වන යොෂිනෝරි වෙත මෙසේ නොබෙල් ත්‍යාගය හිමිවීමට හේතු වී ඇත්තේ මිනිස් සිරුරේ සෛල ප්‍රතිචක්‍රීකරණය සහ අවක්රමණය පිළිබඳව ඔහු විසින් සිදුකළ අධ්‍යයනයක් නිසාය.
මෙම අධ්‍යයනය නිසා මිනිස් සිරුරේ සෛල විකෘති වීම සිදුවන ආකාරයත්, පාකින්සන්, දියවැඩියාව, පිළිකා තත්ත්ව සහ ස්නායු මූලිකව රෝග වැළඳීමේදී සෛල ආසාධනය වන ආකාරය අවබෝධ කරගැනීමට යොෂිනෝරිගේ අධ්‍යයනය හේතු වී ඇති බව නොබෙල් කමිටුව ප්‍රකාශ කර ඇත.
මීට පෙර, එනම් 2015 වෛද්‍ය හා කායික විද්‍යාව සම්බන්ධයෙන් වූ නොබෙල් ත්‍යාගය දිනාගනු ලැබුවේ මැලේරියාව ඇතුළු නිවර්තන කලාපීය වසංගත රෝග කිහිපයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සොයාගැනීමට සමත් වූ විද්‍යාඥයන් තිදෙනෙකි.