යේමනයට ඔබ්බෙන් මුහුදේ සෝමාලි සරණාගතයන් රැගත් බෝට්ටුවක් වෙත එල්ල වූ හෙලිකොප්ටර් ප්‍රහාරයකින් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සරණාගතයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පෙන්වා දෙන්නේ මියගිය පිරිස අතර කාන්තාවන් හා කුඩා දරුවන්ද සිටින බවයි. මෙම ප්‍රහාරය බාබ් අල්-මන්ඩේබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී සිදුව තිබේ.
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට අනුව මෙම බෝට්ටුවේ සිටි පිරිසට තාවකාලික හැඳුණුම්පත් ලබාගෙන ගමන් කරමින් සිටි පිරිසකි.
කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් පසුව තවත් 80 දෙනෙකු බේරාගෙන ඇති අතර, ඔවුන් වහාම රෝහල්ගත කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මෙම ප්‍රහාරය කවුරුන් විසින් සිදුකළේද යන්න තවමත් පැහැදිලි නොමැති අතර, මේ ආශ්රිත වරාය හොයුතු කැරලිකරුවන් භාරයේ පවතින බවද කියැවෙයි. ඔවුන් සෞදිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය සමග වසර දෙකක කාලයක සිට ගැටුමක නිරතව සිටී.