යේමනයේ සුන්නි මුස්ලිම් පාලක රජයට එරෙහිව සටන් වදින ෂියා මුස්ලිම් හොයුති සටන්කාමීන් රැඳී සිටින ස්ථාන කිහිපයක් ඉලක්ක කරමින්, සෞදි අරාබි ගුවන් හමුදාවට අයත් ප්රහාරක යානාවලින් ප්රහාරයක් දියත් කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
සෞදියේ ඇමෙරිකානු තානාපතිවරයා පවසා ඇත්තේ යේමන ජනාධිපති අබ්ද්රාබ්බුහ් මන්සූර් හාදි ගේ රජය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ප්රහාර එල්ල කළ බවයි.
පසුගියදා හොයුති සටන්කාමීන් යේමනයේ ඒඩ්න් ගුවන් තොටුපොළ සමග රජයේ ගොඩනැගිලි කිහිපයක්ම සියතට ගැනීමෙන් පසු සෞදිය මෙම ප්රහාර මාලාව දියත් කර ඇත.