යුරෝපයේ රටවල් කිහිපයක් වෙත බලපෑ අයහපත් කාලගුණයත් සමග ප්රංශයේ ෂේන් නදියේ ජල මට්ටම අඩි 06ක් දක්වා ඉහළ යෑමෙන්, පැරීසියේ ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
දශක ගණනාවකින් පසුව ප්රංශයට බලපා තිබූ මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් ලෝක ප්රකට ලූවර් හා ඔර්සෙයි කෞතුකාගාර වසා දමමින්, එහි වූ කෞතුක භාණ්ඩ වහ වහා ආරක්ෂිත ස්ථාන කරා ගෙන යන බවද කියැවෙයි.
මේ අතර, මෙම අයහපත් කාලගුණික තත්ත්වය ජර්මනියටද බලපා තිබූ අතර, යුරෝපයේ මේ වනවිට මරණ එකොළහක් වාර්තා වන බවද විදෙස් වාර්තා කියයි.
ප්රංශයට හා ජර්මනියට අමතරව, බෙල්ජියම, ඔස්ට්රියාව හා පෝලන්තයටද මෙම අයහපත් කාලගුණය දැඩිව බලපා අති අතර, එම රටවලද පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.
මේ දරුණු ගංවතුර තත්ත්වය කාලගුණ විපර්යාසයන්ගේ අතිශය ප්රබල ප්රතිඵලයක් කියාපාන බවත්, මෙය සැමදෙනා මුහුණදිය යුතු ගෝලීය අභියෝගයක් බවත් ප්රංශ ජනපති ප්රංශුවා හොලන්දේ පවසයි.