යුරෝපය උපායමාර්ගිකව ආක්‍රමණය කරමින් චීන ජනපති යුරෝපා සංචාරයේ
චීන ජනාධිපති ෂී ජින්පින් නායකත්වයට පත්වීමෙන් පසු සිය ප්‍රථම යුරෝපා සංචාරය ආරම්භ කරමින් නෙදර්ලන්තයට පැමිණියේය.
ජනාධිපති ෂී ජින්පින් සහ ආර්යා පෙන්ග් ලියුආන් ඇම්ස්ටර්ඩෑම් හි ෂීෆොල් ගුවන්තොටු පොළේදී උණුසුම් අන්දමින් පිළිගනු ලැබුනේ නෙදර්ලන්තයේ විල්ලෙම් ඇලෙක්සැන්ඩර් රජු සහ මැක්සිමා රුජින විසිනි.
චීන ජනාධිපතිවරයාගේ යුරෝපා සංචාරයට ප්‍රංශය, ජර්මනිය සහ බෙල්ජියම යන රටවල්ද ඇතුළත් වන අතර, බ්‍රෙසල්ස් හි යුරෝපා සංගමයේ ප්‍රධාන කාර්යාලය වෙතද ජනාධිපතිවරයා පැමිණීමට නියමිතය.
චීන ජනාධිපතිවරයා සමග යුරෝපා සංචාරය වෙනුවෙන් එරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයන් 200ක් සහභාගි වන අතර, චීනය විසින් වෙළෙඳාම තුළින් යුරෝපය තවදුරටත් ආක්‍රමණය කිරීම මෙම සංචාරයේදී සිදුවනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
එමෙන්ම, චීනය සඳහා එයාර්බස් යානා 150ක් මිලදී ගැනීමද මෙම සංචාරයේදී සිදුවනු ඇති බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

