ඉතාලිය, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය ඉලක්ක කරමින් ජිහාඩ් අන්තවාදී ප්‍රහාරයක් සැලසුම් කළ ඇෆ්ගනිස්තාන ජාතිකයන් දෙදෙනෙකු දකුණුදිග ඉතාලියේ බාරි නගරයේදී අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම පුද්ගලයන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී ඔවුන් බාරි, රෝම, ලන්ඩන් හා පැරිස් යන නගරවල මර්මස්ථාන පිළිබඳ කරුණු රැස්කර ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අතර, ලන්ඩනයේ වෙස්ට් ඉන්දියා ක්වේයි සහ රෝයල් වික්ටෝරියා ඩොක් යන හෝටල්ද ඇතුළත්ය.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා 23 හැවිරිදි හකීම් නසීරි සහ 29 හැවිරිදි ගූලිස්ටාන් අහ්මඩාසි ලෙස හඳුනාගෙන තිබේ.