යුක්රේනයේ අගනගරය වූ කිවි නුවර ආසන්නයේ වැඩිහිටි නිවාසයක හදිසියේ ඇති වූ ගින්නකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වැඩිහිටියන් 35 දෙනෙකු පමණ රඳවා සිටි මහල් දෙකකින් පමණ සමන්විත වැඩිහිටි නිවාසයේ ඉරිදා උදෑසන කාලයේ මෙම හදිසි අනතුර සිදුව තිබේ.
ගිනි නිවන හමුදාවන්ට එහි සිටි පුද්ගලයන් 18 දෙනෙකු බේරාගැනීමට හැකි වී ඇති අතර, තවත් 5 දෙනෙකු පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර තිබේ.
මෙම ගින්න සම්බන්ධයෙන් බලධාරීන් පරීක්ෂණයක් දියත් කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.