යුක්රේනයේ වෙත තවදුරටත් බලපෑම් කරමින්, යුක්රේනය ආක්රමණය කිරීමේ රුසියානු ක්රියාකාරකම් තවත් ඉහළ යන්නේ නම් එරටට සම්බාධක වැඩි කරන බව G7 රාජ්ය නායකයෝ පසුගියදා අවධාරණය කළහ.
බෙල්ජියමේ බ්රසල්ස් නුවරදී G7 රාජ්ය නායක සමුළුව ආරම්භ කරමින් පැවැති රාත්රී භෝජන සංග්රහයේදී මෙම අදහස් පළ ඇති අතර, මෙම G7 සමුළුව මේ වසරේ ඊයේ (4දා) සහ අද (5දා) පැවැත්වීමට නියමිතව තිබුණේ රුසියාවේ සෝචි නුවරදීය.
නමුත් පසුගිය මාර්තු මාසයේ සිට යුක්රේනයට එරෙහිව රුසියාව සිය හමුදාමය ක්රියාමාර්ගයක් ආරම්භ කිරීමත් සමග සමුළුව එතැනින් ඉවත් කර බෙල්ජියමේදී පැවැත්වීමට එහි නායකයෝ තීරණය කළ අතර, රුසියාව G7 සාමාජිකත්වයෙන් ඉවත් කිරීමටද කටයුතු කළහ.
මෙවර 40 වැනි වරට පැවැත්වෙන G7 සමුළුවේ විශේෂත්වය වන්නේ, එය රුසියානු සහභාගීත්වයකින් තොරව පැවැත්වීමය.