නැගෙනහිර යුක්රේනයේ ඔඩෙස්සා නගරයේ වෙළෙඳ සංගම් ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග රුසියානු හිතවාදී කණ්ඩායම්වල කෝපය දෙගුණ තෙගුණ වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
රුසියානු හිතවාදී කණ්ඩායම් විසින් අත්පත් කරගෙන සිටි මෙම ගොඩනැගිල්ල පසුගිය සිකුරාදා අත්පත් කරගැනීමට යුක්රේන යාමේදී මෙහි ගින්නක් ඇති වෙමින් වැඩි පිරිසක් ගින්නට හසුවී ජීවිතක්ෂයට පත්විය.
කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමග ඔඩෙස්සා නගරයේ පොලිස් ප්‍රධානී පෙත්රෝ ලුත්ස්යුක් තනතුරින් පහ කරන ලද බව යුක්රේන මාධ්‍ය පවසා සිටියේය.
එමෙන්ම, රුසියාවට හිතවත් බෙදුම්වාදීන් විසින් අල්ලා ගෙන ඇති ස්ලෝවියාන්ස්ක් නගරය යළි අත්පත් කරගැනීමට යුක්රේන් හමුදා දිගටම මෙහෙයුමක නිරත වෙමින් සිටින බවද වාර්තා වන අතර, ක්රමතෝර්ස්ක් කලාපය අසල පිහිටි රූපවාහිනී කුලුනක් යුක්රේන් හමුදා අතට යළි පත් වූ බවක්ද වාර්තා විය.
මේ අතර, රුසියාවට හිතවත් කණ්ඩායම් විසින් නැගෙනහිර යුක්රේනයේ රඳවා ගනු ලැබ සිටි යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වූ සංවිධානයේ නිරීක්ෂකයන් 8 දෙනා මුදා හැර ඇති බවක් ද මේ අතර නිවේදනය කෙරිණි.
ඔවුන් සමග සිටි යුක්රේන් ජාතිකයන් 5 දෙනකුද මුදා හරිනු ලැබ ඇති බව කියවුණි.
රුසියානු නියෝජිතයෙක් යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වූ සංවිධානයේ ඉහත කී නිරීක්ෂකයන් රඳවා ගනු ලැබ සිටි ස්ලෝවියාන්ස්ක් නගරයට ළඟා වීමෙන් අනතුරුව එම නිදහස් කිරීම සිදුව තිබිණි.
එහිදී අදාල පිරිස මුදා හැරීමට පියවර ගන්නා මෙන් බටහිර රටවලින් රුසියාවට බලපෑම් එල්ල වෙමින් තිබුණි.