යුක්රේනය ගැන පූටින් සමග සාකච්ඡා ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරලා
යුක්රේන අර්බුදය වෙනුවෙන් ඇමෙරිකාව යෝජනා කර ඇති යෝජනාවලියට එකඟ වනතෙක් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් විසින් ඉදිරිපත් කර ඇති හමුව ප්‍රතික්ෂේප කරන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් වෙත අදහස් දක්වමින් ජෝන් කෙරී පවසා ඇත්තේ ක්රිමියාව වෙත සිදුකර ඇති හමුදා යෙදවීම් තුළ කිසිදු ආකාරයක කතාවක් පැවැත්වීම අපහසු බවය.
ක්රිමියාව රුසියාවට සම්බන්ධ කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමේ කටයුතු සිදුවන්නේ නම් කතා කිරීමට දෙයක් නොමැතිම බවද හෙතෙම අවධාරණය කර තිබේ.
එනමුදු, මේ සම්බන්ධයෙන් පූටින් තවමත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත්, ඔහු සුපුරුදු හමුදා යෙදවීම් හා ජනමත විචාරණයට අවශ්‍ය පහසුකම් සැලසීම් සිදුකරන බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඒ අනුව, ක්රිමියාව රුසියාවට සම්බන්ධ කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙන ජනමත විචාරණය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතය.
බටහිර මෙන්ම යුක්රේනයද කියා සිටින්නේ එය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

