යුක්රේන දේශසීමාවේ සිටින රුසියානු හමුදාවන්ගෙන් කොටසක් නැවත ගෙන්වා ගැනීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් විසින් විධානයක් ලබාදී ඇති බව ජර්මානු රජය පවසයි.
දුරකථනය ඔස්සේ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් ඇමතූ රුසියානු ජනාධිපතිවරයා මෙම නව තත්ත්වය පැහැදිලි කර ඇති බව ජර්මනිය පවසයි.
පසුගිය සති කිහිපය තුළ රුසියානු හමුදාවන් දහස් ගණනින් යුක්රේන දේශසීමාවේ කඳවුරු බැඳ සිටි බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, රුසියානු අගමැති දිමිත්‍රි මෙඩ්වෙඩෙව් සහ එරට රජයේ ප්රමුඛ නියෝජිත පිරිසක් ඊයේ ක්රිමියාව වෙත පැමිණි අතර, රුසියාව විසින් ක්රිමියාව තව රටට ඈඳා ගැනීමෙන් පසු ඒ වෙත පැමිණි රුසියාවේ ඉහළම රාජ්‍ය නිලධාරියා බවට දිමිත්‍රි පත්විය.
කෙසේ වෙතත් රුසියානු අගමැතිවරයාගේ සහ නියෝජිත පිරිසේ ක්‍රිමියා සංචාරය යුක්රේනය විසින් දැඩිව විවේචනය කළේය.
මේ අතර, රුසියානු විදේශ අමාත්‍යවරයා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර පැය හතරකට වඩා වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් පසුව ජෝන් කේරී පවසා සිටියේද රුසියාව යුක්රේනය ආක්‍රමණය නොකරනු ඇති බවය.