මාස තුනක් පුරා රුසියානු හිතවාදී සටන්කරුවන් හා යුක්රේන හමුදා අතර පවතින අර්බුදයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් යුක්රේන හමුදා විසින් ස්ලෝවියාන්ස්ක් නගරය යළි අත්පත් කරගැනීම එරට ජනාධිපතිවරයා මහත් ඉහළින් සමරනු ලැබූ බව වාර්තා වෙයි.
පේට්රෝ පොරොෂෙන්කෝ පවසා සිටියේ එය සංකේතාත්මක ජයග්රහණයකට වඩා සමස්ත ජයග්රහණයක් බවයි.
යුක්රේන ජනාධිපතිවරයා විසින් ඒකපාර්ශ්වීයව දියත්කළ සටන් විරාමය බිඳ වැටීමෙන් පසු යුක්රේන හමුදා රුසියානු හිවතවාදී සටන්කරුවන්ට එරෙහි ප්රහාර ඇරඹූ අතර, මේ සතිය වනවිට ඩොනෙට්ස්ක් හා ලුහාන්ස්ක් යන පළාත්වල මෙහෙයුම් දියත් කරමින් සිටියි.
රුසියානු හිතවාදීන් දැනටමත් එම පළාත් දෙකේ අගනගරයන් සියතට ගෙන සිටින අතර, තවත් ප්රධාන නගර කිහිපයකම බලය අල්ලාගෙන සිටියි.