නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස් හි අධි ආරක්ෂිත සිර කඳවුරකට එල්ල වූ කාලතුවක්කු ප්රහාරයක් නිසා එහි සිරකරුවන් 106 දෙනෙකු ඉන් පැනගොස් ඇති බව වාර්තා වෙයි.
මෙම ප්රහාරයෙන් එක් සිරකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිරකරුවන් පස් දෙනෙකු හා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෙසේ වෙතත් මෙසේ පැනගිය සිරකුරුවන්ගෙන් 34 දෙනෙකු නැවතත් භාරවී ඇති බවද යුක්රේන බන්ධනාගාර සේවය පවසයි.
බරපතල අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සෙසු සිරකරුවන් අල්ලා ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇති බව යුක්රේනය පවසයි.