යුක්රේන අර්බුදය සමතයකට පත්කිරීමේ අරමුණින් ජිනීවා හිදී පැවැත්වීමට නියමිත අලුත් සාකච්ඡා මේසයෙන් රුසියානු විදේශ අමාත්‍යවරයා ඉවත්ව ඇති බව වාර්තා වෙයි.
යුක්රේනයේ වෙසෙන රුසියානු ජනතාවට එරෙහිව හමුදාව යොදවන වාතාවරණයක මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීම අසාමාන්‍ය බව රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා ඇත.
මැයි 25 වැනිදා පැවැත්වීමට නියමිත යුක්රේන ජනාධිපතිවරණය වෙනුවෙන් සහාය ලබාගැනීම වෙනුවෙන් සහාය ලබාගැනීමද මෙම සාකච්ඡා මේසයේ අරමුණක් විය.
කෙසේ වෙතත් යුක්රේනයේ වැඩබලන විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි ඩෙෂ්ඩිස්සියා පවසා සිටියේ මොස්කව් පාලනය යුක්රේන ජනාධිපතිවරණයට සහාය දක්වන්නේ නම් අලුත් සාකච්ඡා මේසයකට තමන්ද සූදානම් බවය.
"මේ මැතිවරණ වෙනුවෙන්, මේ බියවැද්දීම් තුරන්කිරීමට හා අන්තවාදීන්ට සහාය නොදීමට යන කාරණාවන්ට රුසියාව සහාය දැක්වීමට සූදානමින් සිටින්නේ නම් එවැනි සාකච්ඡාවකට අපත් සූදානම්" යැයි ඇන්ඩ්‍රි පවසා සිටියේය.