යාහූ අඩවියේ පරිශීලක දත්ත ඇමෙරිකානු රජය වෙත ලබාදීමට අපොහොසත් වුවහොත්, දිනකට ඇ.ඩො.250,000 බැගින් වූ දඩයකට යටත්විය යුතු බව ඇමෙරිකානු රජය තර්ජනය කළ බව එම අඩවිය පවසයි.
ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක ඒජන්සිය ඔවුන්ගේ නවතම දත්ත ආරක්ෂණ රෙගුලාසි පිළිබඳ දැනුම්දී තිබුණත්, ඒ රෙගුලාසි ව්‍යවස්ථා විරෝධී බව යාහූ අඩවිය පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් අධිකරණයේදී යාහූ පරාජයට පත්ව තිබේ.
හිටපු ඇමෙරිකානු බුද්ධ නිලධාරියෙකු වූ එඩ්වඩ් ස්නොව්ඩන් මෙවැනිම කාරණයක් සම්බන්ධයෙන් සිදුකළ හෙළි කිරීම් සමග ඇමෙරිකාව බුද්ධි තොතරුතු රැස්කිරීම සම්බන්ධයෙන් විවිධ චෝදනා කරලියට පැමිණියේය.
නමුත්, යාහූ සහ ඇමෙරිකාව අතර පවතින මෙම ගැටුම ස්නොව්ඩන්ගේ හෙලිදවරව්වටත් වඩා එහා ගිය ගැටුමක් බව අධිකරණ වාර්තාවලින් පිලිබිඹු වෙයි.