ස්ලොවේනියා ජනාධිපතිවරණයෙන් යළිත් වරක් එරට ජනාධිපති ධුරයට දැරීම සඳහා බොරූට් පාහොර් තේරීපත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, අවසන් මැතිවරණ ප්රතිඵල නිකුත් වන විට ප්රකාශිත මුළු ඡන්ද ප්රතිශතයෙන් 53%ක බහුතරයක් ලබා ජයග්රහණය කිරීමට ඔහු සමත්ව තිබේ.
කෙසේ වෙතත්, මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයන්ගේ උනන්දුව අතිශය මන්දගාමී තත්ත්වයක පැවති බවත්, සමස්ත ප්රකාශිත ඡන්ද ප්රතිශතය 42%ක් තරම් අඩු අගයක් බවත් එරටින් වාර්තා වෙයි.
මේ තත්ත්වය තුළදී පවා ඔහු සමග තරග කළ හාස්යෝත්පාදක රංගන ශිල්පියෙකු ලෙස ප්රකට මර්ජාන් සාරෙක් වත්මන් ජනපතිවරයා සමග කරට කර තරගයක නිරත වුවත්, ඔහුට මෙවර මැතිවරණයෙන් ලබාගැනීමට හැකිවී ඇත්තේ 47%ක ඡන්ද ප්රතිශතයක් පමණි.
54 වැනි වියෙහි පසුවන බොරූට් සිය ජයග්රහණයෙන් පසුව පාක්ෂිකයන් අමතමින් පවසා සිටියේ තමන් සමස්ත ස්ලොවේනියාවේ ජනපති බවයි. සියලු දෙනා සම්බන්ධ කරමින් පොදු කාරණා මත රට ගොඩනැගීමට කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.