තම ආරක්ෂාව වෙනුවෙන් යොදා සිටින ආරක්ෂකයන් පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවත්, ඔවුන් පිළිබඳව තමන්ට තොරතුරු දන්වන ලෙසත් ඉල්ලා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ අතීත බිරිඳ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
යශෝධාබෙන් මෝදි නම් වූ ඇය නව යොවුන් වියේදී නරේන්ද්‍ර මෝදි සමග විවාහ වී තිබුණත්, මෝදි හින්දු ජාතිකවාදී දේශපාලනයට සම්බන්ධවීම හේතුවෙන් විවාහයෙන් වසර තුනකට පසුව එකිනෙකාගෙන් වෙන්ව මේ දක්වා සිය සොහොයුරා සමග තනිව වාසය කරයි.
කෙසේ වෙතත්, මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමග යශෝධාබෙන් වෙත ආරක්ෂක භටයන් 5 දෙනෙකු ඇගේ පෞද්ගලික ආරක්ෂාවට යොදවා තිබුණත්, ඔවුන් පිළිබඳ කිසිවක් නොදන්නා බැවින් ඇය මෙසේ තම ආරක්ෂකයන් ගැන බියට පත්ව ඇති බව කියයි.