ඇමෙරිකාවේ අන්ත-දක්ෂිණාංශිකත්වයට එරෙහිව පැවති රැලියක් වෙත මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.
වර්ජීනියා ප්‍රාන්තයේ, චාර්ලට්ස්විල්ලේ නගරයේ සිදුවූ මෙම අවසානාවන්ත සිදුවීමෙන් පසුව මාධ්‍ය ඇමතු වර්ජීනියා ආණ්ඩුකාරවරයා පැවසුවේ සුදු ශ්රේෂ්ඨථත්වය පමණක් දකින මිනිසුන් තම ප්‍රාන්තයට අවශ්‍ය නොවන බවයි.
මෙම මෝටර් රථ ප්‍රහාරය එල්ල වීමට පෙර එම නගරයේදීම සුදු ජාතිකත්වයට පක්ෂ හා අන්ත දක්ෂිණාංශික මතයට විරුද්ධ පිරිස් අතර මත ගැටුමක්ද ඇති වී තිබුණි.
එමෙන්ම, මෙම සිදුවීමෙන් තමන් දැඩි කම්පනයකට පත්ව සිටින බව චාර්ලට්ස්විල්ලේ නගරධිපති පවසයි.
රැලිය මතට මෝටර් රථය ධාවනය කළ පුද්ගලයා 20හැවිරිදි ජේම්ස් ෆීල්ඩ්ස් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු පසුව අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඔහියෝ ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි.
චාර්ලට්ස්විල්ලේ පොලීසිය පවසන්නේ මෙම මෝටර් රථය කඩා වැදීමේ සිද්ධියට අමතරව, දෙපාර්ශ්වය අතර මත ගැටුම් හේතුවෙන් ඇති වූ පහරදීම්වලින් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.