මොසුල් බිඳ වැටෙද්දී IS මිනිස් බෝම්බ වැඩිවෙයි
ඉරාකයේ, මොසුල් නගරයේ බලය ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්ත ග්රහණයෙන් මුදාගැනීම සඳහා සටන් වදින හමුදා වෙත මරාගෙන මැරෙන ප්‍රහාරවලට මෙන්ම, දරුණු ප්‍රතිප්‍රහාරවලට මුහුණදීමට සිදුව ඇති බව වාර්තා වෙයි.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට ඉතිරිව ඇති අවසන් බිම්කඩ සහිත, මොසුල් පැරණි නගරය වෙත මේ වනවිට ඒකාබද්ධ සන්ධානයේ ගුවන් ප්‍රහාරවල ශක්තියද ලැබී තිබේ.
එමෙන්ම, කාලතුවක්කු ප්‍රහාර සහ හමුදාව විසින් මේ වනවිට සම්පූර්ණයෙන්ම නගරය වට කරමින් ත්රස්තයන්ට පැන යාමට ඇති අවස්ථා අවුරා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී සිය අවසානය දකිමින් ඉස්ලාම් ත්රස්තයන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් වැඩි වශයෙන් හමුදා වෙත එවන බවත්, ඉන් වැඩිදෙනා කාන්තාවන් බවත් සඳහන් වෙයි.
ඉරාකයේ, මොසුල් නගරය යළි අත්පත්කර ගැනීම සඳහා වූ ප්‍රධාන මෙහෙයුම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ විය.
දහස් ගණනක් වූ ඉරාක ආරක්ෂක හමුදා, කුර්දි පෙෂ්මෙර්ගා සටන්කරුවන්, සුන්නි අරාබි ගෝත්‍රික සටන්කරුවන්, ෂියා හමුදා මෙන්ම, ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් යානා, හමුදා උපදේශකයන් ඇතුළු විශාල පිරිසක් මෙම දැවැන්ත මෙහෙයුම සඳහා සම්බන්ධව සිටියි.

.jpg)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
