පැනමා පේපර්ස් සිද්ධියෙන් පසුව එල් සැල්වදෝරයේ පිහිටි මොසැක් ෆොන්සේකා සමාගමේ ශාඛාවක් සීල් තබමින්, එහි වූ දත්ත පරීක්ෂා කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.
ඒ අනුව, එරට නීතිපති කාර්යාලය පවසන්නේ එම කාර්යාලයේ තිබූ ලිපි ගොනු හා පරිගණක යන්ත්‍ර ආදිය වැඩිදුර පරීක්ෂාව සඳහා රැගෙන ගිය බවයි.
පැනමාව කේන්ද්‍ර කරගත් නීති ආයතනයක් වන මොසැක් ෆොන්සේකා සමාගම ජාත්‍යන්තර වශයෙන් විවාදයට තුඩුදුන් පැනමා පේපර්ස් කතාවේ ප්‍රධාන ආයතනය වන අතර, ඔවුන් හරහා කරළියට පැමිණි දත්තවලින් ලෝක නායකයන් මෙන්ම, ලෝකයේ නමගිය පුද්ගලයන් රැසක් අක්වෙරළ සමාගම් හරහා සිදුකර ඇති බදු වංචා හෙළි වන්නට විය.
එල් සැල්වදෝරයේ පිහිටි මෙම ශාඛාව වසා දැමීමේ ලකුණු පහළ වීමත් සමග වහාම එය සීල් තැබීමට කටයුතු කළ බව නීතිපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.