මොස්කව් බස් රථයක් කඩා වැදී 4ක් නසී 11ක් තුවාලයි
මොස්කව් නුවර උමං දුම්රිය මාර්ග පිවිසුමකට වේගයෙන් කඩා වැදුණු බස් රථයක් හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.
උමගේ ඉහළ කොටසේ වැදී බස් රථය නවතින තුරු එහි පඩිපෙළ දිගේ වේගයෙන් ඇදී යන බස් රථයට කිසිවක් කරකියා ගැනීමටවත් අවස්ථාවක් නොලැබූ මිනිසුන් එකිනෙකා පැටලී යන ආකාරය අසල සී.සී.ටී.වී. කැමරාවකද සටහන් වී තිබුණි.
ස්ලැවියැන්ස්කි බොවුලිවාඩ් මෙට්රෝ දුම්රිය ස්ථානය අසලදී වාර්තාවන මෙම සිදුවීම ත්රස්ත ප්රහාරයක් නොවන බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
බස් රථයේ රියදුරා පොලීසියට පවසා ඇත්තේ බස් රථය වේගයෙන් පැද්දෙමින් ගොස් මෙම අනතුර සිදුවූ බවයි. එම අවස්ථාවේදී තමන් තිරිංග යෙදීමට උත්සාහ කළත් තිරිංග ක්රියාත්මක නොවූ බවද හෙතෙම පොලීසියට පවසා ඇත.
මේ සම්බන්ධයෙන් පත්කර ඇති විශේෂ පරීක්ෂණ කමිටුව පවසන්නේ අධික හිම පතනය හේතුවෙන් මාර්ගයේ වූ අයිස් ස්වභාවය මෙම අනතුරට හේතුවන්නට ඇති බවයි.
මියගිය පිරිස අතර වයස අවුරුදු 30 ගණන්වල කාන්තාවක මෙන්ම නව යොවුන් වියේ අයෙකුද වන අතර, තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම බස් රථය වසරක්වත් පැරණි එකක් නොවන බවත්, මෙම අනතුරත් සමග මොස්කව් නුවර ධාවනයේ යෙදෙන සියලු බස් රථවල තත්ත්වය සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කළ බව නගරාධිපති සර්ජි සොබ්යානින් පවසයි.
පසුගිය කාලය පුරා යුරෝපය ආශ්රිතව සිදුවූ IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ මෝටර් රථ සහ ලොරි ප්රහාර හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට රුසියාව කටයුතු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.





