තම නිවසේ සේවය කළ මෙහෙකාරිය නිරාහාරව තැබීමට වැරදිකරුවන් වූ සිංගප්පූරු යුවළක් මාස 3යි, සති 3ක සිර දඬුවමකට හා දඩයකට යටත් වී තිබේ.
පිලිපීන ජාතික මෙහෙකාරිය සඳහා පාන් කැබැල්ලක් හා නූඩ්ල්ස් පමණක් දිනපතා ආහාරයට ලබාදී ඇති අතර, ඇගේ ශරීර බර කිලෝ ග්‍රෑම් 20කින් අඩු වී ඇති බව අනාවරණය වී තිබේ.
මෙම සිරදඬුවමට ලක්ව ඇති චූන් හොන්ග් සහ ඔහුගේ බිරිඳ වූ චෝන්ග් සුයි ෆූන් සිද්ධිය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් බව අධිකරණයේදී පවසා ඇති බවද කියැවෙයි.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් නිරාහාරව තැබීම නිසා මෙම සේවිකාව ශාරීරිකව මෙන්ම මානසිකවද දුර්වල තත්ත්වයක පසුවී ඇති බව වෛද්‍යවරු පවසති.
දඬුවමට යටත් වූ යුවළට සිංගප්පූරු ඩොලර් 10,000ක දඩයක්ද නියම වුවත්, මෙම සිද්ධිය දුටු බොහෝ දෙනෙකු පවසා තිබුණේ ඔවුන්ට ලබාදී තිබූ දඬුවම මීට වඩා දැඩි විය යුතු බවයි.