නිරිතදිග මෙක්සිකෝවේ ඇති වූ රික්ටර් පරිමාණ 7.2ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් කිලෝමීටර් 350ක් ඔබ්බෙන් වූ මෙක්සිකෝ සිටි අගනගරයේ ගොඩනැගිලි පවා දැඩි සෙලවීමකට හේතු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඔක්සකා ප්‍රාන්තයේ, පිනෝටෙපා ඩි ඩොන් ලුයිස් නගරයේ මෙම භූ කම්පනයෙන් අපිකේන්ද්‍රය වාර්තා වන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
එමෙන්ම, භූ කම්පනය කිලෝමීටර් 24.6ක් පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බවද එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.
භූ කම්පනය හේතුවෙන් ඔක්සකා ප්‍රාන්තයේ ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර, සිද්ධියෙන් සිදුවූ ජීවිතහානි හෝ තුවාලකරුවන් පිළිබඳ මෙතෙක් වාර්තා නොවෙයි.
මේ අතර, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසා සිටියේ මෙම භූ කම්පනයෙන් පසුව සුනාමි අනතුරක් නොමැති බවයි.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ මෙක්සිකෝවේ ඇති වූ ප්‍රබල භූ කම්පන හේතුවෙන් සිය ගණනක් ජනතාවට ජීවිත අහිමි විය.