මෙක්සිකෝ නගරයක් වූ ඉගූලා නගරය ආසන්නයෙන් සමූහ මිනීවලක් හමුවී ඇති බවත්, මෙය පසුගිය 27 වැනිදා එරට සිසුන් 43 දෙනෙකු අතුරුදන් වූ නගරය බවත් වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙසේ හමුවූ සමූහ මිනීවලේ ඇති මෘතශරීර අතුරුදන් වූ සිසුන් දැයි තවම හඳුනාගෙන නොමැති අතර, මෙම සිසුන් පොලිස් රථවලට දමාගන්නා අයුරු පමණක් අවසන් වරට දැක තිබේ.
ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වූ උද්ඝෝෂණයක් වෙනුවෙන් මෙම සිසුන් මෙම පළාත වෙත පැමිණ තිබුණු බවද පැවසෙයි.
එහිදී, පොලීසිය විසින් සිදුකළ විවෘත වෙඩි තැබීමකදී එම සිසුන් ගමන්කළ බස් රථවල සිටි පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මෙම පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 22 දෙනෙකු චෝදනා ලැබ ඇති බවද වාර්තා වෙයි.