මෙක්සිකෝ නගරයේ උමං දුම්රියවල අමුතුම ආකාරයේ ආසනයක් සවි කරමින් පොදු ප්රවාහන සේවයේ ලිංගික හිංසනය පිටුදැකීමේ වැඩපිළිවෙලක් වෙත ඔවුන් ගමන් කර තිබේ.
බැලූ බැල්මට ගුජුප්සාජනක හැඟීමක් ඇති කරන මෙම නව ආසනයට පුරුෂයෙකුගේ උඩුකය හා පුරුෂ ලිංගේන්ද්රයක් එක්කර තිබේ.
එම ආසනය පුරුෂයන්ට පමණක් වෙන්කර අති බවත්, මෙහි අසුන් ගැනීම අපහසු විය හැකිය යනුවෙනුත් ඊට ඉහළින් ලියා ඇත.
පොදු ප්රවාහනයට ගොඩවන ඇතැම් පුරුෂයන් අපහසුතාවට පත්කිරීමේ අරමුණින් මෙය සවිකර තිබුණත්, සියලු පිරිමි ප්රජාවම පොදු ප්රවාහන සේවාවලදී මෙවැනි ලාමක ක්රියාවන්හි නොයෙදෙන බැවින් එය පුරුෂ පක්ෂය කළ අවමානයක් ලෙස වැඩි දෙනාගේ අදහස වී තිබුණි.
කෙසේ වෙතත්, මෙය දීර්ඝ කාලීනව උමං දුම්රියේ සවි කිරීම බලාපොරොත්තුව නොවන බව පවසන බලධාරීන්, මෙය ලිංගික ප්රචණ්ඩත්වය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පමණක් බව කියයි.
කාන්තාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය සහ මෙක්සිකෝ නගර බලධාරීන් විසින් මෙය ක්රියාවට නංවා තිබුණි.