මුහුදට කඩා වැටුණු ඇමෙරිකානු යානයේ සුන්බුන් සොයා ගැනේ
ඇමෙරිකානු මැරීන් භටයන් තිදෙනෙකුට මරු කැඳවමින් ඔස්ට්‍රේලියාවට ඔබ්බෙන් වූ ක්වීන්ස්ලන්ඩ් වෙරළට කඩා වැටුණු ඇමෙරිකානු යානයේ සුන්බුන් පවතින ප්‍රදේශය තහවුරු කරගැනීමට හැකිවී තිබේ.
ඔස්ට්‍රේලියානු නාවික හමුකාව විසින් යානයේ සුන්බුන් මෙන්ම, අතුරුදන් වූ මැරීන් භටයන් සොයා සෝදිසි දිගින් දිගටම සිදුකළ අතර, එහිදී යානය පිළිබඳ තොරතුරු හමුවී තිබේ.
MV-22 ඔස්ප්‍රේ යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි ඇමෙරිකානු මැරීන් භටයන් ඇතුළු 26 දෙනෙකු ගමන් කරමින් සිටි අතර, යානය අනතුරට පත්වීමෙන් පසුව පුද්ගලයන් 23 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකිවිය.
පසුව යානය අනතුරට පත්වූ ප්‍රදේශය ආශ්රිත මුහුදු පතුලේ සොදිසි මෙහෙයුම් ආරම්භ වූ බව ඔස්ට්‍රේලියානු නාවික හමුදාව පවසයි.
ජපානයේ, ඔකිනාවා හි ඇමෙරිකානු හමුදා කඳවුරේ ඇති මෙම ගුවන් යානය පසුගියදා ඔස්ට්‍රේලියානු වෙරළ තීරයට පැමිණ තිබුණේ ඇමෙරිකානු හා ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා විසින් සිදුකළ ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් වෙනුවෙනි.
කෙසේ වෙතත්, යානයේ සුන්බුන් යළි මුහුදු පතුලෙන් ඉවතට ගැනීමට මාස කිහිපයක් ගතවනු ඇති බව ඇමෙරිකාව පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

