මියන්මාරයේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට අවසන්ව ඇති බවත්, වසර 25ක ඉතිහාසයේ එරට විවෘත ඡන්ද විමසීමක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය බවත් විදෙස් වාර්තා පවසයි.
ඡන්ද විමසීම ආරම්භයේ සිට බොහෝ දෙනෙකු ඉතා උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය දැකගත හැකි වූ බව කියැවෙයි.
එරට විපක්ෂ නායිකා අවුන් සාන් සුකී තරග වදින ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය බහුතර ආසන සංඛ්‍යාව ජයග්‍රහණය කරනු ඇති බවට පූර්ව මත විමසීම්වලින් පැවසුණි.
හමුදා පාලනයේ සහාය ලැබෙන 2011 වසරේ සිට බලයේ සිටින යූ.එස්.ඩී.පී. පක්ෂයටද මෙවර මැතිවරණයේ ප්‍රබල තරගයක් ලබාදෙනු ඇති බවටද මත විමසීම්වලින් පැවසුණි.