මියගිය බව කීවත් යළි පණ ලැබූ බිළිඳා මරු වැළඳ ගනී
නොමේරූ දරු උපතක් ලෙස නියමිත දිනට පෙර ඉන්දියාවේ නවදිල්ලි රෝහලකදී උපත ලැබීමෙන් පසුව වෛද්‍යවරුන් විසින් මියගිය දරුවෙකු ලෙස නිගමනය කළ බිළිඳා වෙනත් රෝහලකදී සැබෑ ලෙසම ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිවුන් දරු උපතක් ලෙස මෙළොව එළිය දුටු මෙම බිළිඳාගේ නිවුන් සොහොයුරා පසුගිය නොවැම්බර් 30 වැනිදා දරු ප්‍රසූතියේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, මෙම දෙවැනි බිළිඳාද උපත ලබා පැය කිහිපයක් ඇතුළත මියගිය බව දිල්ලියේ මැක්ස් රෝහල පැවසීය.
කෙසේ වෙතත්, දරුවා භූමදාන කිරීමට යන අවස්ථාවේදී දරුවා ජීවතුන් අතර සිටි බව දෙමවුපියන්ට දැකගැනීමට හැකි වීමෙන් යළිත් බිළිඳා වෙනත් රෝහලකට වහාම ඇතුළත් කර තිබේ.
එහිදී, දරුවා මියගොස් නැති බව දෙමවුපියන්ට දැනගැනීමට ලැබුණත්, පසුව ප්‍රතිකාර කරන අතරතුර එම දරුවාද සැබෑ ලෙසම යළිත් සදහටම සිය දෙනෙත් පියාගෙන තිබේ.
මේ අතර, අදාළ මැක්ස් රෝහල සහ එම වෛද්‍යවරුන්ට එරෙහිව පරීක්ෂණ ඇරඹී ඇති අතර, ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරුන් වැඩතහනමකටද ලක්ව සිටියි.
කෙසේ වෙතත්, මෙම පෞද්ගලික රෝහල දරුවන්ගේ මරණය සම්බන්ධයෙන් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ගේ රෝහල් බලපත්‍රය අවලංගු වීමට පවා අවස්ථාව පවතින බව දිල්ලි ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


