ෆ්ලොරීඩාවේ, ඔර්ලැන්ඩෝ ප්‍රහාරයේදී තෙවරක් වෙඩි වැදුණු අයෙකු මියගියා පුද්ගලයෙකු සේ නිසොල්මන්ව සිටීමෙන් දිවි ගලවාගත් පුවතක් විදෙස් වාර්තා පවසයි.
ඔමාර් මාටීන් ඉවක් බවක් නැතිව බිම වැටී සිටි පිරිස් වෙත වෙඩි ප්‍රහාර එල්ල කරද්දී මෙසේ මියගිය අයෙකු සේ රඟපාමින් දිවි ගලවාගෙන තිබුණේ ඒන්ජල් ක්ලෝන් නැමැත්තෙකි.
එමෙන්ම, මාටීන් මියගිය පිරිස් වෙතද යළි යළිත් වෙඩි තබමින් ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ කර දැමූ බවද ඔහු පවසයි.
කෙසේ වෙතත්, මරණයේ එළිපත්තට ගොස් යළි පැමිණි ඒන්ජල් මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම සිද්ධිය විස්තර කිරීමට තරම් වාසනාවන්ත වී තිබුණි.
කෙසේ වෙතත්, රෝහල් ආරංචි මාර්ග අනුව මෙම ප්‍රහාරයෙන් බරපතල තත්ත්වයේ පසුවන හය දෙනෙකු පිළිබඳවද වාර්තා වෙයි.