දූෂණ චෝදනා මත බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපතිනී පාක් ග්වෙන්-හයි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
එරට අධිකරණය විසින් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමත් සමග 65 හැවිරිදි හිටපු ජනපතිනිය සෝල් නුවර හිර අඩස්සියේ රඳවා තැබීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
තම සමීප මිතුරියක වූ චෝයි සූන්-සිල් වෙත මූල්‍ය වංචාවන් සඳහා අවස්ථාව සැලසීම ඇයට එරෙහිව නැගුණු ප්‍රධාන චෝදනාව වන අතර, එහිදී සූන්-සිල් විසින් එරට බොහෝ සමාගම්වලින් දේශපාලන හිතවත්කම් මත මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.
මෙම මස මුලදී සිය තනතුරෙන් පහ කෙරුණු හිටපු ජනාධිපතිනිය තමාට එරෙහිව ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.