මැනිලා වෙඩි තැබීමෙන් ජීවිත හානි රැසක්
පිලිපීනයේ මැනිලා අගනුවර රිසෝට් වර්ල්ඩ් කැසිනෝ හලට සහ හෝටල් සංකීර්ණ ගොඩනැගිල්ලට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයෙන් හානියට පත්වූවන් නොසිටි බව මුලින් කියවුණත්, එම සංචාරක කලාපය සෝදිසි කිරීමේදී දැනට මළ සිරුරු 36ක් හමුවී ඇති බව ආරක්ෂක අංශ පවසයි.
මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයා පිළිබඳ තවම තොරතුරු තහවුරු කරගෙන නොමැති වුවත් ප්‍රහාරයෙන් පසුව ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය එහි වගකීම භාරගෙන තිබුණි.
නමුත්, ආරක්ෂක අංශ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හුවාදැක්වීමට මැළිකමක් දක්වන බව විදෙස් වාර්තා පවසයි.
ප්‍රහාරයෙන් වැඩි ජීවිත හානි ප්‍රමාණයක් සිදුව ඇත්තේ කැසිනෝ මේස රැසක් ගිනිබත් කිරීම නිසා ඇති වූ විෂ සහිත ධුමාරය ආග්‍රහණය කිරීමෙන් බවද පැවසෙයි.
වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා විසින් කැසිනෝ ක්‍රීඩාව සඳහා යොදා ගනු ලබන මේස ගිනි තබා ඇති අතර ගින්නෙන් ඇති වූ විෂ සහිත දුමාරය මරණ වැඩි සංඛ්‍යාවකට හේතු වී ඇති බව බලධාරීහු පවසති.
මේ අතර, සිද්ධිය සිදුවූ අවස්ථාවේදී ඉන් මිදී පළා යාමට තැත් කිරීමේදී සිදුවූ තෙරපීම හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ප්‍රහාරය සිදුකළ හුදකලා පුද්ගලයා පසුව තම ශරීරයට ගිනි තබාගෙන සියදිව හානි කරගෙන ඇති බවද පොලීසිය කියයි.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

