මැඩගස්කරය තුළ මහාමාරිය වසංගතයක් ඇති වී තිබෙන බවත්, මේ හේතුවෙන් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 80ක් පමණ වසංගතයට ගොදුරුව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මැඩගස්කරයේ අගනගරය ලෙස සැලකෙන අන්ටනාරිවෝ ආශ්‍රිතව වසංගතය දරුණු මට්ටමින් පැතිර යන බවයි.
එමෙන්ම, තත්ත්වය ඔවුන් සිතනවාට වඩා දරුණු මට්ටමක පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
මීයන් මෙම වසංගතයේ වාහකයන් ලෙස ක්‍රියාත්මක වන බවද කියැවෙයි.