මාස හතක කාලයක් රෝහල්ගතව සිටි ලොව දීර්ඝ කාලයක් සිහසුනේ රැඳී සිටින තායිලන්තයේ භූමිබොල් අදුල්යාදේජ් රජු රෝහලෙන් නික්ම ගිය බව විදෙස් වාර්තා පවසයි.
87 වැනි වියෙහි පසුවන රජු බැංකොක් නගරයේ සිට හුවා හින් හි රාජකීය මන්දිරය වෙත යනවිට පාර දෙපස ජනයා රැස්වී ඔල්වරසන් දුන් බවද විදෙස් වාර්තා පවසයි.
දැනට වසර කිහිපයක සිට රජු දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙයි.
1946 වසරේදී සිහසුනට පත් අදුල්යාදේජ් රජු තායිලන්තයට දේශපාලන ස්ථාවරත්වය ලබාදීම සඳහාද ක්‍රියාකළ අයෙකු ලෙස සැලකෙයි.