මාස 5න් බංකොලොත් වූ චීන පාපැදි හුවමාරු සමාගම
චීනයේ පාපැදි හුවමාරු කරගැනීමේ සමාගමක සමස්ත පාපැදි ප්‍රමාණයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් එම සමාගම ආරම්භ කර මාස පහක් ඇතුළත අතුරුදන්ව ඇති බව කියයි.
මෙම අර්බුදයට මුහුණ දී ඇති චීනයේ වුකොන්ග් පාපැදි හුවමාරු සමාගම පවසන්නේ, ඔවුන්ගේ සමාගම සතු පාපැදි 1,200ක් අතුරුදන්ව හෝ සොරකම් කර ඇති බවයි.
සෙසු තරගකාරී පාපැදි හුවමාරු සමාගම් මෙන් සිය පාපැදිවල GPS පද්ධති සම්බන්ධ නොකිරීමෙන් තම ව්‍යාපාරය බංකොලොත් වන බවත්, මේ නිසා ඉදිරියේදී තම සමාගමේ පාපැදිවලද GPS පද්ධති සවි කරන බවත් ඔවුහු පවසති.
චීනය තුළ නැගී එන පාපැදි හුවමාරු සමාගම් අතර මේ ආකාරයෙන් බංකොලොත්භාවයට පත් ප්‍රථම සමාගම බවට වුකොන්ග් සමාගම සැලකෙයි.
ලන්ඩනයේ හා පැරිසියේ පවතින පාපැදි හුවමාරු සමාගම් ආකාරයෙන්ම චීනයේද මෙය ක්‍රියාත්මක වුවත් මෙහිදී පාපැදි නැවැත්වීම සඳහා නිශ්චිත නැවතුම් ස්ථාන නොමැති වීම විශේෂත්වයකි.
එහිදී, මෙම පාපැදි හුවමාරුව ඇප් වැඩසටහනක් හරහා සම්බන්ධ කෙරෙන අතර යමෙකුට පාපැදියක් අවශ්‍ය නම් තම ජංගම දුරකථනයෙන් ඊට අදාළ මුදල් ගෙවීමෙන් හෝ QR කේතය භාවිත කිරීමෙන් එහි අඟුලු අරිමින් අවශ්‍ය එහි සේවය ලබාගත හැකිය. මෙහිදී, පාපැදියට සම්බන්ධ කර ඇති GPS චිපයක් මගින් අදාළ සමාගම මෙම පාපැදියේ ගමන්මග නිරීක්ෂණය කිරීම සිදුවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

